මෙවර සමගි ජන සන්ධානයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත්වන වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මෙරට පලස්තීන තානාපති කාර්යාලයට පැමිණියේ මේ වනවිට පලස්තීනයේ ඇතිව තිබෙනා යුධමය තත්වය සම්බන්ධයෙන් එරට තානාපතිවරයා සමඟ සාකච්ඡා කිරීමටයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසූවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සමස්ත ලෝකයෙන්ම මෙම ගැටලුව සමතයකට පත්කරනා ලෙස ඉල්ලා සිටිනා බවයි.
එමෙන්ම පහුගිය කොවිඩ් කාලසීමාව තුල නිසි විද්‍යාත්මක පදනමකින් තොරව මුස්ලිම් ජනතාවගේ මරණ ආදහනය කිරීම සඳහා පාර්ලිමේන්තු පනතක් සම්මත් කරගනිමින් සිදුකළ මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් කිසිදු ජනතා නියෝජිතයෙකු ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා නොමැති බවත් පාස්කු ප්‍රහාරය කේන්ද්‍ර කරගනිමින් මුස්ලිම් ජනතාවට එල්ල කළ අන්තවාදී ප්‍රහාරයෙන් පීඩාවට පත්වූ මුස්ලිම් ජනතාවගෙන්ද ඒ සම්බන්ධව සමාව ඉල්ලීමක් සිදුකර නොමැති බවත් චමල් සංජීව මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරනා දේශපාලකයෙකු වශයෙන් තමා කොළඹ දිස්ත්‍රික් මුස්ලිම් ප්‍රජාවගෙන් එම සිදුවීම් සම්බන්ධව සමාව අයදිනා බවයි.
එමෙනම් පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූ කතෝලික ජනතාව වෙත තම ශෝකය පල කරනා බවත් එම ජනතාවගෙන්ද සමාව ඉල්ලා සිටිනා බවත් ඔහු සඳහන් කළේය.