Image

රනිල්ට කලින් කිව්වේ ‘මිස්ටර් ක්ලීන්’ කියලා… දැන් ඩ්‍රයි ක්ලීන්වත් නෑ – චන්දිම

මෑතක් වනතුරුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රටේ ජනතාව ආමන්ත්‍රණය කරනු ලැබුවේ ‘මිස්ටර් ක්ලීන්’ යනුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදියි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“රනිල් වික්‍රමසිංහ මේ ළඟක් වෙනකන් රටේ ජනතාව ඇමතුවේ ‘මිස්ටර් ක්ලීන්’ කියලා. අද එක්තු වෙලා ඉන්නා කණ්ඩායමත් එක්ක ම හිතන්නේ ඩ්‍රයි ක්ලීන් කරලවත් රනිල් වික්‍රමසිංහ ක්ලීන් කරන්න හම්බෙන්නේ නෑ. එතුමා ඉවරයි. ජනතා විමුක්ති පෙරමුණ එක එක දවසට එක එක දේවල්. දැන් අලුත්ම කතාව කුස්සිත් වහනවලු. ඒ අය 71ත් පැය කිහිපයක් පාලනය කළා. 88, 89ත් පැය කිහිපයක් පාලනය කළා. ඊට පස්සේ ඡන්දෙන් ආවා 39 දෙනෙක්. එයාලා වුරුදු එකහමාරක් යනකොට පැනලා ගියා. ඉතිහාසයේ විජේවීරගේ 71 කාලයේවත් 88,89 කාලයේවත් කල් ක්‍රියාව නෙවෙයි වර්තමාන කල් ක්‍රියාව දකින මිනිස්සු ඒ අයව නොසුදුසුයි කියන එක පැහැදිලිව තීන්දු කරනවා.”

TRENDING POST