Image

ජනාධිපතිවරණ සටනින් චන්ද්‍රිකා ඉවත් වෙයි.!

පැවැත්වීමට නියමිත 2024 ජනාධිපතිවරණය සඳහා තරග කරන කිසිදු අපේක්ෂකයකුට තමා සහයෝගය නොදක්වන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සදහන් කළාය.

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණිම සාමාජිකාවක් බවත් තමා නිදහස් පක්ෂයේ අනුසාශකවරිය බැවින් කිසිදු අපේක්ෂකයකුට සහයෝගය නොදක්වන බව හිටපු ජනාධිපතිනිය සදහන් කළාය.

අත්තනගල්ල කොට්ඨාසයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික පිරිසට තමන්ගේ මනාපය කැමති අපේක්ෂකයකුට ලබාදෙන ලෙසත් ඒ සදහා තමාගේ කිසිදු විරෝධතාවයක් හෝ අකමැත්තක් නොමැති බවද හිටපු ජනාධිපතිනිය සදහන් කළාය.

අත්තනගල්ල කොට්ඨාසයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පිරිසක් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මේ බව සදහන් කළාය.

TRENDING POST