Image

අලුත් අවුරුද්දට කුකුළු කිකිළියෝ ගනං උස්සති.!

ඇතැම් ප්‍රදේශවල මේ වන විට බිත්තරයක මිල රුපියල් 36ක් දක්වාත්, කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1350ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රුපියල් 28ත් 30ත් අතර සිල්ලර මිලකට අලෙවි වූ බිත්තරයක මිල රුපියල් 36ක් දක්වා එකවරම ඉහළ ගොස් තිබෙන අතර, මේ අනුව කේක් ඇතුළු බිත්තර යොදාගෙන සකස් කරන ආහාර මිල පවා ඉහළ යාමේ අවදානමක්ද ඇති වී තිබේ.

රුපියල් 1,100ත් රුපියල් 1,180ත් අතර මිලකට අලෙවි වූ කුකුල් මස් (දවස) කිලෝවක මිල ඊයේ (07දා) ඇතැම් ප්‍රදේශවල අලෙවි වූයේ රුපියල් 1,300ත් 1,350ත් අතර මිලකට බවද පාරිභෝගික ජනතාව සඳහන් කරති.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.