අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසන්නේ වයස අවුරුදු 13ට වැඩි සියලුම පාසැල් දැරියන්ට සනීපාරක්ෂක තුවා වෙනුවෙන් දීමනාවක් ලබාදීමට ද කටයුතු කරන බවයි.
2026 වසරේ දී සිදුකරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා වන ආරම්භක ප්‍රතිසංස්කරණයන් මෙම වසරේදී ආරම්භ කරන බවද එහිදී අග්‍රාමාත්‍යවරිය පැවසීය.
එමෙන්ම ලබන වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පළමු ශ්‍රේණිය හා හයවන ශ්‍රේණිය සිට ක්‍රියාත්මක කරන බවත් එම ප්‍රතිසංස්කරණයේ දී විද්‍යාපීඨ ප්‍රතිසංස්කරණය කරමින් එම පුහුණු විධිමත්කර අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ගැලපෙන ගුරුවරු නිර්මාණය කිරීමටද කටයුතු කරන බවත් ඇය වැඩිදුරටත් පැවසීය.
වර්තමානයේදී පවතිනුයේ සැළලිහිණි සංදේශය පැවති සමය දක්වා දිවෙන ශතවර්ෂ ගණනාවකට එහා ගුරු පුහුණුවක් බව අග්‍රාමාත්‍යවරිය පවසනවා.
සංවර්ධන කටයුතු නැවත ආරම්භ කරමින් පාසල් තුළ දරුවන්ට අවශ්‍යය යටිතල පහසුකම් දියුණු කිරීමට කටයුතු කරන බවත්, දරුවන් පාසල් අතහැරයාමේ ප්‍රතිශතය අඩු කිරීම සඳහා ආර්ථික අපහසුතා ඇති දරුවන් වෙනුවෙන් අස්වැසුම වැඩසටහන මගින් දරුවන්ට දීමනාවක් ලබාදීමට ද වත්මන් රජය කටයුතු කර ඇති බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය එහිදී කියා සිටියා.