Image

රජය දැඩි තීරණයක් ගනී.. අවුරුදු 12ට අඩු ළමුන් යොදා ගැනීම තහනම් කරයි.!

අවුරුදු 12ට අඩු ළමුන් ජනවාරි (01) වැනිදා සිට වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි සදහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි සදහන් කළේ,

“විශේෂයෙන් අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරය සඳහා යොදා ගැනීම අපි ජනවාරි (01) වැනිදා සිට නවත්වනවා. ඒ සඳහා වූ ගැසට් පත්‍රය බලාත්මක කිරීමට සියලු කටයුතු අපි යොදලා ඉවරයි. 

මොකද පසුගිය රජයන් තුළින් අවුරුදු 7-8ක් තිස්සේ ඕක පස්සට දාදා හිටියා. අපි ගිය සතියේ තීරණයක් ගත්තා අපි ඒක පස්සට දාන්නේ නෑ අපි ජනවාරි (01) වැනිදා ඉඳලා මෙය බලාත්මක කරනවා කියන කාරණය.”

TRENDING POST