රටේ තරුණ පිරිසගෙන් 66%ක් තොරතුරු ලබා ගැනීම සමාජ මාධ්‍ය (Social media) භාවිතා කරන බවත් 43%ක් ඡායාරූප හුවමාරු කිරීමට සමාජ මාධ්‍ය භාවිත කරන බවත් 32%ක් මිතුරු සම්බන්ධතා වර්ධනයට භාවිත කරන බව (PEACE) (ECPAT) ආයතනයේ වැඩසටහන් නිලධාරී නීතිඥ අමාලි රණසිංහ සදහන් කළාය.
දිනකට පැය 1-5 ත් අතර කාලයක් මෙරට තරුණ තරුණියන් 50%ක් සමාජ මාධ්‍ය (Social media) භාවිත කරන බවත් 40%ක් දිනකට පැයකට වඩා අඩු ප්‍රමාණයක් සමාජ මාධ්‍ය භාවිතා කරන බවත් 10%ක් පැය 6කට වඩා වැඩි ප්‍රමාණයක් සමාජ මාධ්‍ය වල සැරිසරන බව නීතිඥ අමාලි රණසිංහ සදහන් කළාය.
කෙසේ වෙතත් පසුගිය 2023 වසරේදී අන්තර්ජාල ආශ්‍රිතව ළමා හිංසන සිදුවීම් 137,361ක් වාර්තා වී ඇති බවත් ඒ අතරින් අවුරුදු 10ට අඩු දරුවන්ට අදාළ සිදුවීම් 46%ක් බවත් අන්තර්ජාලය හරහා සිදුවන අපරාධ සිදුවීම් 50,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවද නීතිඥ අමාලි රණසිංහ සදහන් කළාය.