Image

පිරිමි පරයා හෙළ කතුන්ගේ නිකොටින් ‘සික්’ ඉහල නගී.!

විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා විශේෂ අනාවරණයක් කරමින් පවසන්නේ ශ්‍රී ලංකාවේ පිරිමින්ට වඩා කාන්තාවන් දුම්බීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බවයි.

වෛද්‍යවරයා පවසන්නේ ඒ අනුව, කාන්තාවන් පෙණහලු පිළිකා පළමු තත්ත්වයේ සිට පස්වන පිළිකා තත්ත්වයට පත්වීමේ අවදානමට ගොදුරුව ඇති බවයි.

මීට වසර දහයකට-පහළොවට පෙර ලංකාවේ දුම්පානය කළ ප්‍රමාණය හා ඒ පුද්ගලයන්ගේ සමීක්ෂණ වාර්තා දෙස බැලූ විට එය අඩු වෙමින් පවතින නමුත් අවාසනාවන්ත ලෙස කාන්තාවන් දුම් පානය කිරීමේ ප්‍රතිශතය ඉහළ යමින් ඇති බව සමන් ඉද්දගොඩ මහතා පවසයි.

මෙම හේතුවෙන් තරුණ කාන්තාවන් පෙණහලු පිළිකා අවදානමට පත්වීමේ සම්භාවිතාවයෙන් වැඩි වී ඇති බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

පොදුවේ ගත් කල ලංකාවේ පෙණහලු පිළිකා සුලබ තත්ත්වයක් වන අතර පිරිමි පුද්ගලයන්ගෙන් දෙවෙනියට පොදුවේ බහුල වී ඇත්තේ, පෙණහලු පිළිකාවයි.

නමුත් කාන්තා පාර්ශ්වය මේ වන විට පෙණහලු පිළිකා අතරින් පළමු තැන සිට පස් වැනි තැනට පත්ව ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.