Image

සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයන්ට රජයෙන් නිවාස

සිවිල් ආරක්‍ෂක බලකායේ නිවසක් නොමැති සාමාජිකයන්ට නිවසක් ඉදිකර ගැනිමටත්, පවතින නිවාසවල අලුත්වැඩියා කටයුතු සිදුකර ගැනීමටත්, අවශ්‍ය කරන ශ්‍රම දායකත්වය සිවිල් ආරක්‍ෂක බලකාය වෙත ලබා දීමට රජය තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

සිවිල් ආරක්‍ෂක බලකායට අයත් සාමාජිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් රජය විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් මාලාවේ තවත් පියවරක් ලෙස මෙය සිදු කරනු ලබනවා.

මෙහි පළමු අධියර යටතේ සාමාජිකයන් 100 දෙනෙකු සඳහා මෙම වැඩපිළිවෙළ යටතේ සහන සැලසෙනු ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කළා.

වසර ගණනාවක සිට සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයන් විසින් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ඔවුන් සදහා දැනට රු. 350ක් ලෙස ලැබෙන දෛනික සලාක දිමනාව රු. 500ක් දක්වා ඉහළ නැංවීමටද රජය තීරණය කර තිබෙනවා.

TRENDING POST