Image

“ක්ලීන් ශ්‍රී ලංකා” කොස්සෙන්ම පොලිසියත් අතුගා ගනී.!

මාතර වැල්ලමඩම ප්‍රදේශයේ ක්ෂණික මාර්ග බාධකයක පොලිස් හිස් වැසුම් නොමැතිව, කහට පැල්ලම් සහිතව බුලත්විට කමින් අශෝභන ලෙස රාජකාරියේ යෙදී සිටි මාතර පොලිසියේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කරයි.

පොලිස් මූලස්ථානය පවසන්නේ මෙම නිලධාරීන් තිදෙනා මාතර මහ රෝහල අසල ක්ෂණික මාර්ග බාධක රාජකාරියේ යොදවා ඇති නමුත් එම නියෝග වලට පටහැනිව මාතර තංගල්ල මාර්ගයේ වැල්ලමඩම ප්‍රදේශයේ රැදී සිට ඇති බව‍යි.

මාතර හම්බන්තොට දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා රාජකාරී කටයුත්තක් සදහා වැලිගම ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී මෙම නිළධාරීන් සම්බන්ධයෙන් නිරීක්ෂණය වී තිබේ.

මෙම නිලධාරීන් තිදෙනා පොලිස් හිස්වැසුම් නොමැතිව, ගිනි අවිද ජංගම සංචාර රථය තුළ තබා, බුලත්විට සපමින් කතා බහක යෙදී සිට ඇති අතර එක් නිළධාරියෙකු සිය පාදයක් කැබ් රථයේ පිටුපස බඳ මත තබාගෙන අශෝබන ඉරියව්වකින් සිටි බව පැවසේ.

කෙසේවෙතත් එම විෂමාචාර ක්‍රියාවන් හේතුවෙන් මේ වනවිට්‍ එම නිළධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කර ඇති බව පැවසේ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.