Image

සෞඛ්‍ය ක්ෂේත්‍රය “ක්ලීන්” කරන්න අලුත් වැඩක්.!

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට ජාතික මෙහෙයුම් කමිටුවක් පිහිටුවා ඇත.

මෙම කමිටුව සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අනුබද්ධිත ආයතන ප්‍රධානීහු 37 දෙනෙක් සාමාජිකත්වය දරන අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ එහි සභාපතිත්වය දරයි.

ජාතික මෙහෙයුම් කමිටුව ත්‍රෛමාසිකව රැස් වී “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඵලදායී ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට සහ අදහස් හා යෝජනා සාකච්ඡා කිරීමට නියමිතය.

TRENDING POST