Image

“පොල්” ගණන් බස්සන්න “ක්‍රීම් කොකනට්” වෙළෙඳපොළට.!

රටේ ජනතාවට මුහුණදීමට සිදුවී ඇති පොල් ප්‍රශ්නයට පිළියමක් ලෙස හා පොල් පරිභෝජනය අවම කිරීමේ අරමුණින් ප්‍රථම වරට “ක්‍රීම් කොකනට්” නමින් පොල් කිරි වර්ගයක් හඳුන්වා දීමට පොල් සංවර්ධන මණ්ඩලය තීරණය කර ඇත.

දැනට අපනයනය සදහා යොදා ගන්නා ක්‍රීම් කොකනට් ළඟදීම මෙරට වෙළෙඳ පොළෙන් මිලදී ගැනීමට හැකි වන පරිදි කිලෝවකට සාධාරණ මිලක් නියම කරන ලෙස නිෂ්පාදන සමාගම් 52 කට උපදෙස් දී ඇතැයි එහි සභාපති ශාන්ත රණතුංග සදහන් කරයි.

රට තුළ උද්ගතව ඇති පොල් හිඟයට පිළියමක් ලෙස පිටි කළ පොල් කිරි නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කරන බවත් ‘”පිටි කළ” පොල් කිරි වලට අමතරව “ක්‍රීම් කොකනට්” වෙළෙඳ පොළට ළඟදීම නිකුත් කරන අතර සාධාරණ මිලකට පාරිභෝගිකයන්ට ඒවා ලබාගත හැකි බවද සදහන් කරයි.

මෙම “ක්‍රීම් කොකනට්” වර්ගය බටර් වර්ගයක් ලෙස භාවිත කළ හැකි බවද ශීත කරණයේ තබා අවශ්‍ය වේලාවට පාවිච්චි කළ හැකි බවත් ස.තො.ස මගින් ඒවා අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවද සභාපතිවරයා සදහන් කරයි.

TRENDING POST