Image

නෙළුම් කුළුණ සම්බන්ධයෙන් තීරණයක්.!

නත්තල් උත්සව සමය සඳහා නෙළුම් කුළුණ විවෘතව තබන කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව නෙළුම් කුළුණ දෙසැම්බර් 25 සහ 26 යන දෙදින තුළ පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රිය දක්වා මහජනතාව සඳහා විවෘත තබන බව එහි පාලනාධිකාරිය පවසයි.

එහි පාලනාධිකාරිය වැඩිදුරටත් පැවසූවේ දෙසැම්බර් 27 වැනිදා නෙළුම් කුළුණ පෙරවරු 9 සිට රාත්‍රී 11 දක්වා විවෘතව තැබීමට තීරණය කර ඇති බවයි.

එමෙන්ම දෙසැම්බර් 31 සහ 2025 ජනවාරි 1 සහ 2 දිනයන් වලදීත් පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා එය විවෘතව තැබීමට නියමිතව ඇත.

TRENDING POST