Image

අපේක්ෂිත ඉලක්ක ඉක්මවා ආර්ථිකය නැගෙයි… ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 15.5% ඉහළ වර්ධනයක්

මෙම වසරේ දෙවන කාර්තුවේ ශ්‍රී ලංකා ආර්ථිකය 4.7%කින් වර්ධනය වී ඇති අතර එය අපේක්ෂිත ඉලක්කය ඉක්ම යාමක් බව Bloomberg වෙබ් අඩවිය පෙන්වා දෙයි.

කෘෂිකාර්මික අංශයේ 1.7%ක හා සේවා අංශයේ 2.5%ක වර්ධනයක් සිදු වෙද්දී කර්මාන්ත අංශය 10.9%ක වර්ධනයක් වාර්තා කර තිබේ. ඉදිකිරීම් කර්මාන්තය නැවත පණ ගසා නැගිටමින් 15.5%ක වර්ධනයක් වාර්තා කර තිබීම කැපී පෙනෙන කරුණකි.

වසරේ පළමු මාස හයේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 14,702ක් වන අතර පෙර වසරේ පළමු මාස හයේ එම අගය වූ රුපියල් බිලියන 13,422ට සාපේක්ෂව 9.5%ක නාමික වර්ධනයක් පෙන්නුම් කරයි.

පෙර වසරේ පළමු මාස හයට සාපේක්ෂව මූර්ත ආර්ථික වර්ධනය 5.0%ක් වන අතර උද්ධමනය 4.3%ක් ලෙස වාර්තා වෙයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.