ඩොලර් මිලියන 12ක් පමණ වටිනා කිරි ගවයන් විදේශයන්ගෙන් ගෙන්වීමේ ව්‍යාපෘතියකට මුවාවී සිදුකල මහා පරිමාණ මුදල් වංචාවකට සම්බන්ධ බව කියන හිටපු අමාත්‍යවරුන් හතර දෙනකුට විරුද්ධව නුදුරේදීම නඩු පැවරෙණු ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සදහන් කරයි.
මහා පරිමාණ වංචාවකට සම්බන්ධයෙන් මෙම මැති ඇමතිවරුන්ට එරෙහිව නිවැරදිව නීතිය ක්‍රියාත්මක කරවීමට පියවර ගනු ඇති බවත් ඊට සම්බන්ධ හිටපු මැති ඇමතුරුන් සිව් දෙනකුට පැහැදිලිවම නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබා දෙන බවද එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණරත්න සදහන් කරයි.
එම වැඩසටහන යටතේ කිරි ගවයන් විසි දහසක් ආනයනය කිරීමට නියමිතව තිබූ අතර පළමු පියවර යටතේ පන්දහසක් ගෙන්වා තිබූ බවත් එම ගවයින්ගෙන් දැනට ජීවත්ව සිටින්නේ ගවයන් තුන්සියයක් පමණක් බවත් ඉතුරු සියලු දෙනා මියගොස් ඇති බවද ජාතික සංවිධායක නාමල් කරුණරත්න සදහන් කරයි.

