Image

ඉන්දියාවෙන් ප්‍රබල ප්‍රහාරයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වනවිට පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත් වේ.

එහි කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදීමටය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 213ක් රැස් කළේය.

එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සූර්යකුමාර් යාදව් ලකුණු 58ක් රැස්කළ අතර රිෂාබ් පාන්ට් ලකුණු 49ක් රැස්කළේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 4ක් දවාගත්තේය.

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 214කි.

TRENDING POST