Image

විකිනීමට සූදානම් කළ පුස් පරිප්පු තොගයක් ආදුරුප්පු වීදියෙන් සොයාගනී.!

පිටකොටුව ආදුරුප්පු වීදියේ ගබඩාවක තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු පරිප්පු කිලෝග්‍රෑම් 1000ක් සොයාගෙන තිබේ.

ආහාර ආනයන කරනු ලබන ප්‍රසිද්ධ ආයතනයක ගබඩාවක මෙම පරිප්පු තොගය තිබෙන බවට පාරිභෝගික සේවා අධිකාරියට ලැබුනු තොරතුරකට අනුව මෙම පරිප්පු තොගය සොයාගෙන ඇත.

වැටලීම සිදුකළ අවස්ථාවේ පරිප්පු තොගය දිලීර ඉවත්කොට නැවත සකසා වෙළෙඳපොළට යැවීම සඳහා ඇසුරුම්කරමින් සිට ඇති අතර
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ පරිප්පු තොගය සිය භාරයට ගෙන සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇත.

TRENDING POST