Image

අද සිට මේක නම් අනිවාර්යයි

අනිවාර්යයෙන් පාන් ගෙඩියක් රුපියල් 130ක මුදලකට අලෙවි කළ යුතු බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ ය.

ඒ පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු වීමත් සමගයි.

එහි වැටලීම් අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ පැවසුවේ වෙළෙඳපොළේ පවතින අඩු බර පාන් අලෙවි කරන වෙළන්දන් සම්බන්ධයෙන් ද දැනුවත් කරන ලෙසයි.

මේ අතර, පාරිභෝගික පෙරමුණේ සභාපති එන්. පී. කේ. වනිගසිංහ සඳහන් කළේ පාන් සඳහා පාලන මිලක් පැනවීම අත්‍යවශ්‍ය බවයි.

කෙසේ වෙතත්, ජනතාව කියා සිටින්නේ තවමත් පාන් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 140ක මිලකට බවයි.

TRENDING POST