ඊයේ (12) සහ අද යන දිනයන්වල දී සියලු රාජකාරී වලින් ඉවත් වන බවත් දීපව්‍යාප්ත විරෝධතා සතියක් ආරම්භ කරන බවත් ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය සඳහන් කළේ ය.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹීමට හේතුව ගැසට් කරන ලද ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාවට සිය යෝජනා ඇතුළත් නොකිරීම වේ.
එමෙන්ම, අද පෙරවරුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට නිහඬ විරෝධතා ව්‍යාපාරයක නිරත වන බව ද ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය සඳහන් කර තිබුණේ ය.