Image

අවසන් දිනය 27.. ලිපිය අරන් විවෘත කරන්න.!

ආර්ථික සවියක් අවැසි පුද්ගලයින්ට සහායවීමට රජය ආරම්භ කළ අස්වැසුම පළමු අදියරේදී සුදුසුකම් ලැබූ 6,000කට ආසන්න පිරිසක් බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභ නොලබන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කරයි.

ජාතික හැඳුනුම්පත නොමැතිවීම හේතුවෙන්, බැංකු ගිණුම් විවෘත කිරිමට නොහැකි පිරිස් ඒ අතර සිටින බැවින් ප්‍රතිලාභ බැර කිරීමට බැංකු ගිණුමක් නොමැති අස්වැසුම ප්‍රතිලාභීන්ට බැංකු ගිණුමක් විවෘත කරන්නැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.  

ජාතික හැඳුනුම්පත නොමැති වුවද බැංකු ගිණුම් විවෘත කිරිමට අවස්ථාව සලසා ඇති බවත් එහිදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කරයි.

බැංකු ගිණුම් නොමැති අස්වැසුම ප්‍රතිලාභින් ලබන (27) වැනිදාට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාදෙන ලිපිය ලබාගෙන බැංකු ගිණුම් විවෘත කළ යුතු බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩල දැනුම් දෙයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.