පසුගිය සමයේදී පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් තමන් ඇතැම් දිනවල පමණක් දිවා ආහාරය ලබාගත් බවත් උදේ ආහාරය කිසිදා නොගත් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සදහන් කරයි.
මාලිමාවේ මන්ත්‍රීවරුන් දැන් පාර්ලිමේන්තුවෙන් උදේට, දවල්ට ද කා හැකි නම් රෑට බත් මුලක් ඔතාගෙන යන තත්ත්වයට පත්ව ඇති බවත් මීට පෙර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 39ක් පත් වූ අවස්ථාවේ මෙම තත්ත්වය ඇති වූ බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
පාර්ලිමේන්තු සැසිය අවසාන කර ආපසු යන අතරවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ බව සදහන් කරයි.