ඊයේ දිනයේ සමගි ජන සන්ධානය විසින් එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව කුරුණෑගලදී පැවැත් වූ ජන හමුවට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා තම හිතවත් පාක්ෂකයින් විසින් ම කරේ තබාගෙන වේදිකාව දෙසට රැගෙන එන ලදී.
කෙසේ වෙතත් එහිදී මැදිහත් වූ පොලිසිය සහ ආරක්ෂක අංශ මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව පතා වහාම මන්ත්‍රීවරයා බිමට බස්සවා වේදිකාවෙතට රැගෙන යන ලදී.
කුරුණෑගල නගරයේදී ඊයේ (15) පැවති සමගි ජන සන්ධානයේ සමාරම්භක ජන හමුව සඳහා දිවයිනේ නන්දෙසින් විශාල ජනකායක් රැස්ව සිටි අතර දයාසිරි ජයසේකර මහතාගේ ආසනය වන බිංගිරිය ප්‍රදේශයද නියෝජනය කරමින්ද බස් රථ කිහිපයක් පැමිණ තිබෙනු දක්නට ලැබුණි.