මේ වනවිට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාර්ශවය, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ශවය සහ මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ශවය වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස් තුනකට බෙදී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස් තුනකට බෙදී ඇති බැවින් තමා කටයුතු කළ යුත්තේ නිදහස් පක්ෂයේ කුමන පාර්ශ්වය සමග දැයි මැතිවරණ කොමිෂන් සභාව විසින් නීතිපතිවරයාගෙන් ලිඛිතව කරුණු විමසා ඇත.
නීතිපතිවරයාගෙන් ඒ සම්බන්ධව තීරණයක් ලැබුණු වහාම කොමිෂන් සභාව රැස්වී ඒ සම්බන්ධව තීරණයක් ගෙන කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.