විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරනුයේ ශ්‍රී ලංකාව තුළ ලිංගික අධ්‍යාපනයේ ඇති දුර්වලකම හේතුවෙන් මෙරටදී දිනකට නීති විරෝධී ලෙස ගබ්සා කිරීම් දහසකට අධික සංඛ්‍යාවක් සිදුවනා බවයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මගින් සිදුකළ සමාජ සමීක්ෂණයකට අනුව මෙම තොරතුරු අනාවරණය වී ඇති බව වාර්තාවේ.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ මෙවැනි නීතිරෝධී ගබ්සා කිරීම් හරහා පසුකාලීනව නොයෙකුත් සෞඛ්‍ය ගැටලු පැන නගින බවත්, විශේෂයෙන්ම මඳ සරු භාවය ඇතිවීමේ විශාල ඉඩකඩක් පවතින බවත්ය.
එමෙන්ම මෙවැනි ගබ්සා කිරීමට ලක්වන පාසල් දැරියන් සහ තරුණියන් විශාල වශයෙන් මානසික ආතතියන්ට ලක්වන බවත් එම ආතතියෙන් ජීවිත කාලය පුරා පැවතීමට ඉඩකඩ පවතින බවත් ඔහු පෙන්වා දුනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය චමල් සංජීව මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාව තුළ සිදුවනා මෙවැනි නීති විරෝධී ගබ්සා කිරීම වැළැක්වීම සඳහා පොලිසිය ප්‍රමුඛ නීතිය අංශ සහ සෞඛ්‍ය අංශ මැදිහත්වීමෙන් වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා වහාම ක්‍රියාත්මක විය යුතු බවයි.