මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්, අපේක්ෂකයින් නියෝජනය කරන ලද පක්ෂවල ලේකම්වරුන් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් විසින් සිය ආදායම් වියදම් වාර්තා එළැඹෙන (06) වැනි දින භාරදිය යුතු බවයි.
එළඹෙන (06) වැනිදා රාත්‍රී 12.00ට පෙර හෝ ඊට ප්‍රථම එම වාර්තා වෙන් වෙන්ව සකස් කර අපේක්ෂකයින් තරග කරන ලද දිස්ත්‍රික්කවල තේරිම්භාර නිලධාරීන් වෙත භාර දිය යුතු බවත් ජාතික ලැයිස්තු අපේක්ෂකයින් සිය ආදායම් වියදම් වාර්තා මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත භාර දිය යුතු බවද සදහන් කරයි.
මැතිවරණ ආදායම් වියදම් වාර්තා භාර දීමට හැකිවන පරිදි සාමාන්‍ය රාජකාරී දිනවල පස්වරු 6.00 දක්වා සහ එලැඹෙන (06) වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සියලුම දිස්ත්‍රික්කවල මැතිවරණ ආදායම් වියදම් වාර්තා භාර ගැනීමේ විශේෂ ඒකක විවෘතව තැබීමටද කටයුතු කර ඇති බවද මැතිවරණ කොමිසම සදහන් කරයි.
එළඹෙන (06) වැනිදාට හෝ එදිනට පෙර අදාළ වාර්තා භාර නොදීම මැතිවරණ විදයම් නියාමනය කිරීමේ පනත යටතේ වරදක් වන බැවින් ඒ පිළිබඳ නීත්‍යානුකූලය කටයුතු කරන බවද මැතිවරණ කොමිෂන් සභාව තවදුරටත් සදහන් කරයි.

