පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ ඩෙංගු රෝගය ඉහළ යාමේ අවදානමක් හටගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය ප්රකාශ කරයි.
මෙම වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 34,906 ක් වාර්තා වී ඇති අතර බස්නාහිර පළාතෙන් පමණක් රෝගීන් 14.248 ඒ අතර වෙයි.
එමෙන්ම ඩෙංගු රෝගය වැළඳීමෙන් වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 16 ක් මරණයට පත්ව ඇති බවද වාර්තා වේ.