දිවයින පුරා සිදුකරන සංගණන කටයුතු සදහා නිවාස වෙත පැමිණෙන නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදීමට කිසිදු බියක් ඇති කරගත යුතු නැතැයි බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි.
සිදුකරන සංගණන කටයුතු සදහා පැමිණෙන නිලධාරීන්ට ඇතැම් නිවාස වලින් තොරතුරු ලබානොදීමේ තත්ත්වයක් වාර්තා වී ඇති බව එම දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න සදහන් කළාය.
අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න සදහන් කළේ,
“ජන හා නිවාස සංගණනයේ තොරතුරු රැස්කිරීමේ අදියරයේ කටයුතු 2024 වසරේ ඔක්තොබර් මාසයේ (07) වෙනිදා ආරම්භ වුණා. 2023 වසරේ ඔක්තොබර් මාසේ ආරම්භ කළා සෑම නිවසකට, ගොඩනැගිල්ලකටම රතුපාට ලේබලයක් අලවන්න.
ඒ ලේබලය පදනම් කර ගනිමින් තමයි නිවාස වල ජීවත් වෙන පුද්ගලයන්ගේ සහ ඒ නිවාස වල තොරතරු රැස්කිරීම අපි සිදුකළේ. තොරතුරු රැස්කිරීම ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන්නේ සංගණන අඥාපනත යටතේ පැවැරී ඇති බලතල අනුව.
කිසිසේත්ම සැකයත් ඇති කරගන්න එපා කිසිදු ආකාරයකින් පුද්ගලික මට්ටමේ තීන්දු තීරණ ගැනීමට මෙම තොරතරු ගැනීමට මෙම තොරතුරු භාවිතා වෙන්නේ නැහැ.
රටේ ඉදිරි අනාගතයට, ඉදිරි වසර 10 සඳහා ජාතික ප්‍රතිපත්ත සම්පාදනයට, සැලසුම් සකස් කිරීමට අවශ්‍ය වෙන තොරතුරු තමයි මේ සංගණනයෙන් ලබාදෙන්නේ. මෙම ගණන් ගැනීමේ අදියරයේ කටයුතු දෙසැම්බර් (23) වනදායින් අවසන් වෙන්න සියලු කටයුතු සැලසුම් කරලා තියෙනවා.
දෙසැම්බර් (19) දිනය සංගණන දියන විදිහට ප්‍රකාශයට පත්කරලා ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරලා තියෙනවා. ඒ අනුව ගණන් ගන්නා නිලධාරියෙක් සංගණනය සදහා තොරතුරු රැස්කිරීමට ඕබේ නිවසට නොපැමිණියහොත් 1901 දුරකථන අංකය අමතා දැනුම් දෙන ලෙස සියලු දෙනාම දැනුවත් කරනවා.”

