Image

“මාව බේරගන්න” වැඩ තහනම් පොලිස්පති වැඩ බලන පොලිස්පතිට ලියයි.!

තමාට ජීවිත තර්ජන පවතින බැවින් නිසි ආරක්ෂාවක් ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ඊයේ (01) දිනයේ ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

විදෙස්ගතව සැඟව සිටින අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් විසින් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් මහතා ඝාතනය කරන බවට තර්ජනය කර ඇති බවට පසුගිය දිනවල වාර්තා පළවී තිබුණි.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලා ඇත්තේ තමාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත්කර ඇති බැවින් ජීවිතයට තර්ජන පැවතීම මත සුදුසු ආරක්ෂාවක් ලබාදෙන ලෙස

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසූවේ දේශබන්දු තෙන්නකෝන් මහතා සැඟව සිටි කාලයේ ඔහුට ලබාදී තිබූ ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවය.

කෙසේවෙතත් ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් සලකාබලන බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

දේශබන්දු තෙන්නකෝන් මහතාට ජීවිත තර්ජන ඇද්ද යන්න පිළිබඳව පොලීසිය විසින් ආරක්ෂක තක්සේරුවක් කිරීමට නියමිත අතර ඔහුට ආරක්ෂාවක් ලබාදිය යුතු බවට නිර්දේශ කළහොත් එම ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බවද පොලීසිය සඳහන් කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.