පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය පොලිස්පති ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව හමුවේ අද (19) දින පෙනී සිටීමට නියමිතව ඇත.
අද පස්වරු 2.00ට පමණ දේශබන්දු තෙන්නකොන් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සඳහන් කරයි.
2002 අංක 5 දරණ නිලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටිය පනතට අනුව පොලිස්පතිවරයාට එරෙහිව ඇති චෝදනා විමර්ශනයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කෙරිණ.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින්නේ පළමු වරට බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.