Image

“ධම්මිකගෙන් මිලියන ගාණක් සාක්කුවට දාගන්න බැසිල් හැදුවේ” – එස්.බී පොහොට්ටුවේ රෙදි ගලවයි.!

ජනාධිපතිවරණයේදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ පුර්ණ සහයෝගය ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහට ලබාදෙන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් තමා ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි දිසානායක සදහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන් කළ ඉල්ලිමට ප්‍රතිචාර දක්වමින් ජනපති රනිල් වික්‍රමසිංහට පීඩනයක් ලබාදිය යුතු බවට එදින රැස්විමට පැමිණ සිටි පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හමුවේ ප්‍රකාශ කළ බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණය සඳහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපෙක්ෂක වශයෙන් ඉදිරිපත් කර ඇති නාමල් රාජපක්ෂ අන්ත පරාජයක් ලබන බවත් ඔහු මෙම මැතිවරණය සදහා තවමත් පරිපුර්ණ නොවන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක වශයෙන් ව්‍යාපාරික ධම්මික පෙරේරා විශාල මුදලක් රැගෙන මැතිවරණයට සුදානම් වු බවත් එම මුදල්වලට කෑදරකමින් බැසිල් රාජපක්ෂ කටයුතු කළ බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් විශාල පිරිසක් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහට සහය දැක්වීමට එකඟතාවය පළ කිරීමත් සමග ධම්මික පෙරේරා පරදින්න ජන්දය ඉල්ලන්නේ නැති බව ප්‍රකාශ කරමින් ඉවත් වු බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් මස්කෙළිය ආසනයේ ඒකාබද්ධ බල මණ්ඩල රැස්වීම අමතමින් මන්ත්‍රී එස්.බි දිසානායක මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.