Image

“ඔයාත් එනවාද.?” ආණ්ඩුවෙන් දිලිත්ට යෝජනාවක්.!

පාර්ලිමේන්තුව ඊයේ (21) අමතමින් වෙළඳ, වාණිජ හා සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසා සිටියේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයේ පළාත් පාලන ආයතන සභිකයින් ජාතික ජන බලවේගය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවයි.

ඔහු පැවසුවේ, පළාත් පාලන ආයතනවල බලය පිහිටුවූ පසු දිලිත් ජයවීර මහතාට සිදුවන්නේ කුමක්ද යන්න දැකගැනීමට හැකිවනු ඇති බවයි.

අමාත්‍ය සමරසිංහ මහතා තවදුරටත් පවසා සිටියේ, දැනට විපක්ෂය විසින් ගෙන යනු ලබන අඬ වැඩියාව නිකම්ම නොවන බවත්, ඔවුන් විසින් සකස් කරන ලද සැලසුම් සියල්ලක්ම අසාර්ථක වීම මත සිදුවූවක් බවයි.

“ඔයාත් එනවාද? දිලිතුත් ඕනෙ නම් එකතු කරගන්න. දිලිත් ඕනෙ නම් කතා කරන්න එන්න, දිලිත් මන්ත්‍රීතුමාගෙත් සමහර මන්ත්‍රීවරු අපිත් එක්ක කතා කරනවා. මන්ත්‍රීවරු අපිත් එක්ක කතා කරනවා මන්ත්‍රීතුමා,” අමාත්‍යවරයා පැවසීය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.