Image

දිලිත්ගේ රාත්‍රි භෝජන සංග්‍රහයට මැතිවරණ කොමිසම පනී.. මත්පැන් සියල්ල පොලිස් බාරයට.!

මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීරගේ ප්‍රධානත්වයෙන් සූදානම් කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයක් අත්හිටුවා ඇත.

අනුරාධපුර මැතිවරණ කොමසාරිස් කාර්යාලට ලද පැමිණිල්ලක් මත නිලධාරීන් පිරිසක් පොලිසිය සමග පැමිණ හෝටලයේ සංග්‍රහයට සූදානම් කර තිබූ ආහාර සඳහා මුද්‍රා තබා ආරාධිතයන්ට ලබාදීමට තිබූ මත්පැන් බෝතල් පොලීසිය බාරයට ගෙන ඇත.

ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීරගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ප්‍රසිද්ධ හෝටලයකදී මෙම භෝජන සංග්‍රහය සූදානම් කර තිබුණේය.

TRENDING POST