Image

ඡන්දෙට කලින් ගම්මන්පිල හිරේ ගියොත් හොඳයි.. දිලිත්ගේ කට ඉස්සර වෙයි.!

සර්වජන බලය සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක උදය ගම්මන්පිල මහතා ඡන්දෙට කලින් ඇතුලට ගියොත් එතුමාට හොඳ බව එම සන්ධානයේ නිරමාතෘ දිලිත් ජයවීර මහතාගේ මුවින් පිටවිය.

මාධ්‍ය හමුවක් අතරතුර මේ මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරුදීමට යෑමේදී ජයවීර මහතාගේ මුවින් එලෙස පිටවිය.

මාධ්‍යවේදියා – ඔබතුමාගේ කණ්ඩායම් නායකයා මැතිවරණයට පෙර ඇතුලේ ඉඳීද එළියේ ඉඳීද.?

දිලිත් ජයවීර – කොළඹ දිස්ත්‍රික් නායකතුමා ඇතුලට ගියොත් හොඳයි කියලා මං හිතන්නේ…

අපිට හිතෙනවා එතකොට.. අපිට දැන්වීම් සඳහා.. ප්‍රචාරණ කටයුතු සඳහා අඩුවෙන් වැයකරන්නට පුලුවන්.. නමුත් ඔහුත් නීතිවේදියෙක් මමත් නීතිවේදියෙක්.. අපි මේව පුරුදුවෙන්න කරන වැඩ නෙවේ.. අපි හොඳට දැනගෙන කටයුතු කරන්නේ.. එතුමා සම්පූර්ණයෙන් මේ හෙළිදරව්ව කරන්නේ අපේ රටේ නීතියට යටත්ව.. නීත්‍යානුකූලව.. මං හිතන් නෑ ඔවුන්ට ඔවුන්ගේ අර ගමේ නඩු අහන ක්‍රමයට ඇර.. ගමේ දඬුකඳේ ගහන ක්‍රමයට ඇර.. පවතින නීතිය භාවිතා කරලනම් බෑ ඇතුලට දාන්න.

කෙසේවෙතත් එම පැහැදිලිකිරීම හරහා ජයවීර මහතාගේ මුවින් පිටවූ මුල් ප්‍රකාශය යම්තාක් දුරකට වෙනත් අදහසකට හැරවීමට උත්සාහ ගත් බවක් දක්නට ලැබුණි.

TRENDING POST