Image

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට තර්ජනය කළොත් බලාගෙනයි.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් ගැලවී ගිය මන්ත්‍රීවරු හා දේශපාලන පක්ෂ එක්ව ඉදිරියේදී නව දේශපාලන බලවේගයක් බිහි කිරීමට සාකච්ඡා පවත්වමින් සිටින බව අගමැති දිනේෂ් ගුණවර්ධන සදහන් කරයි.

අගමැති දිනේෂ් ගුණවර්ධන තවදුරටත් සදහන් කළේ,

“රජය ඉදිරියට ගෙන යෑමට සහයෝගය ලබාදුන් පොහොට්ටුවේ මන්ත්‍රීවරු බහුතරයක් රට වැටී තිබුණු අර්බුදයෙන් ගොඩගත් රනිල් වික්‍රමසිංහ මහතාට ජනපතිවරණයේදී සහයෝගය ලබාදීමට තීරණය කළා.

ඒ මන්ත්‍රීවරු පොහොට්ටුව වගේම තවත් පක්ෂ ගණනාවක් නියෝජනය කරනවා. මේ ජයග්‍රහණය තව දුරටත් ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යෑම සඳහා අප සියලු දෙනා එකට එකතු වී වැඩ කරනවා. 

මේ වනවිට පළාත් පාලන ආයතනයේ සිට පාර්ලිමේන්තුව දක්වා සියලුම මන්ත්‍රීවරු එකට අත්වැල් බැඳගෙන සිටිනවා. ඉදිරි මැතිවරණයකදී තමන්ට අපේක්ෂකත්වය ලබා ගැනීමට නොහැකි වේ යැයි කිසිවෙකුත් බියට පත්විය යුතු නැහැ.

ඔවුන්ට කිසිදු තර්ජනයක් ඇති වීමට අපි ඉඩ තබන්නේ නැහැ. නව දේශපාලන බලවේගයක් බිහි කිරීමේ අවශ්‍යතාව අප තේරුම් ගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් මේ වනවිට ආරම්භ වී තිබෙන සාකච්ඡා සඳහා මගේ පූර්ණ සහයෝගය ලබාදෙනවා.”

මහනුවර මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව සදහන් කරයි.

TRENDING POST