Image

සුනඛයන් අතර වෛරස රෝගයක් පැතිරෙයි.. රෝග ලක්ෂණ මෙන්න.!

මේ වනවිට වෛරස් රෝගයක් මධ්‍යම කඳුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශවල සුනඛයන් අතර පැතිර යමින් පවතින බව හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපතිවරයකු වන පශු වෛද්‍ය අලගමුත්තු නන්ද කුමාර් සදහන් කරයි.

මෙම වෛරස් රෝගය ඩිස්නෙම්පර් යනුවෙන් හඳුන්වන ස්නායු ආබාධ රෝගයක් බවත් හුස්ම ගැනීමේ අපහසුව, වෙව්ලීම, ඇස් වලින් කබ ගැලීම මෙහි රෝග ලක්ෂණ බවද පශු වෛද්‍ය අලගමුත්තු නන්ද කුමාර් සදහන් කරයි.

මෙම රෝග ලක්ෂණ තම නිවෙසේ ඇති කරන සුනඛයන්ට පවතී නම් කඩිනමින් එම සුනඛයන් පශු වෛද්‍යවරයෙකු වෙත රැගෙන යෑමට පියවර ගත යුතු බවත් රෝගය සුනඛයන්ට උත්සන්න වීමෙන් එම සුනඛයන් මියයෑමට හැකි බවද පශු වෛද්‍ය අලගමුත්තු නන්ද කුමාර් සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.