දිවයින පුරා සිදුවන රිය අනතුරු අවම කරගැනීම වෙනුවෙන් අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සදහන් කරයි.
ලකුණු කැපීමට පෙර එළඹෙන සැප්තැම්බර් පළමු වනදා සිට මාස දෙකක කාලයක් පූර්ව දැනුවත් කිරිමේ වට්ස්අප් (WhatsApp) පණිවිඩයක් නිකුත් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ,
” රිය අනතුරු අවම කරගැනීම වෙනුවෙන් අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය සඳහා අවශ්‍ය කරන දත්ත පද්ධතිය සහ පොලිසියට ලබාදිය යුතු යන්ත්‍ර පිළිබඳව අවශ්‍ය කරන ටෙන්ඩර් කැදවීම අවසන් අදියරේ පවතිනවා. ඉදිරි මාසයක් ඇතුළත සුදුස්සෙකු තෝරා ගෙන එම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සඳහන් කළ යුතුයි.
තවද මාර්ගයන්හි දී රියදුරන් සිදුකරන වැරදි සම්බන්ධයෙන් ලකුණු කැපීමට පෙර, සැප්තැම්බර් පළමු වනදා සිට මාස දෙකක කාලයක් පූර්ව දැනුවත් කිරිමේ වට්ස්අප් පණිවිඩයක් නිකුත් කරනවා. එම මාස දෙක අවසන් වීමෙන් පසු අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.”