Image

ඩඩ්ලි පෙරමුණ ගනී.!

දඹුල්ල තොග වෙළඳ ව්‍යාපාරිකයන් පවසන්නේ දඹුල්ල වෙළඳපළට ඊයේ (08) උදෑසන සිට පොළොන්නරුව අරලිය සහල් ලැබෙමින් පවතින බවයි.

වෙළඳසැල් හිමියෝපවසන්නේ දඹුල්ල නගරයේ තොග වෙළඳසැල් වෙත පොළොන්නරුව අරලිය සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ නියෝජිතයන් දුරකතනයෙන් උපදෙස් ලබා දී ඇත්තේ අරලිය සන්නාමය යටතේ ලැබෙන සහල් ජනාධිපතිවරයා විසින් තීරණය කළ මිල ගණන් යටතේ අලෙවි කිරීමට කටයුතු කරනා ලෙසයි.

අද උදෑසන දඹුල්ල නගරයේ වෙළඳසැල් රැසකම පාලන මිල ගණන් යටතේ නාඩු සහල් සහ අනෙකුත් සහල් අලෙවි කරන අයුරු දැකගැනීමට හැකි විය.

එමෙන්ම පොළොන්නරුව අරලිය සහල් ලොරි විශාල ප්‍රමාණයක් අද උදෑසනම වෙළඳසැල් වෙත ලැබෙන අයුරුද දැකගැනීමට හැකිවූ අතර එම සහල්වල උපරිම සිල්ලර මිල මුද්‍රණය කර තිබීම විශේෂත්වයක් වේ.

TRENDING POST