Image

අපි අනුර එක්ක යාළුයි… අනුරට බෑ කිව්වේ තරහට නෙමෙයි..! – දුමින්ද දිසානායක

අනුර දිසානායක සමග රටට ගමනක් නැති බව ඔහුට ඡන්දය දුන් ජනතාවට දැන් අවබෝධ වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු දුමින්ද දිසානායක මහතා පවසයි.

“තාවකාලික විසඳුමක් හෙව්ව උදවියට අද තේරිලා තියෙනවා අනුර කුමාරත් එක්ක ගමනක් යන්න බෑ කියලා.අපි මැතිවරණ වේදිකාවේ අනුර කුමාරට බෑ කියලා කිව්වේ, අනුර කුමාරත් එක්ක තරහකට නෙමෙයි.

අනුර කුමාර පාර්ලිමේන්තු ආවේ 2000, එයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආවා, ඔබතුමන්ලා මාව කතිරය ගහලා යැව්වා 2000, අපි දෙන්නම අවුරුදු 24 ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. අපි අනුරත් එක්ක යාලුයි, හිතවත්, හැබැයි අපි අනුර කුමාරට බෑ කියලා කිව්වෙ එයාට ආණ්ඩුවක් කරලා අත්දැකීමක් නැති නිසායි.

මම කථාවකදී කිව්වා අනුර කුමාර තේ කඩයක්වත් කරලා නෑ කියලා. ඒ කිව්වේ තරහකට නෙමෙයි, අත්දැකීම් තියෙන්න ඕන රටක් පාලනය කරන්න. එහෙම නම් තාවකාලිකව මාලිමාවත් එක්ක අත්වැල් බැඳ ගත්ත උදවියට දැන් අපි කියන්න කලින් තේරිලා තියෙනවා මේ ගමන යන්න බෑ කියලා.”

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ හබරණ ප්‍රදේශයේ පැවති පක්ෂ ක්‍රියාකාරීන් හමුවකදීය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.