Image

සනත් කිව්ව දේ අකුරටම තේරුම් ගත් දුනිත්

පැතුම් නිස්සංක ඊයේ (02) පිතිකරණයේ යෙදෙන අයුරු අනුව තමාගේ සැලසුම සාදාගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පැවසීය.

ඊයේ තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ,

“මැච් එක පටන් ගන්න කලින් සනත් සර් අපිට කියලා තිබ්බේ විකට් එක ටිකක් කැපෙයි කියලා. ඒ නිසා මම විශේෂයෙන්ම ප්ලෑන් එකක් දාගෙන හිටියේ… කොහොමද සෙල්ලං කරන්න ඕනේ කියලා. තවත් දෙයක් තමයි… මම ගොඩක් බලන් හිටියා පැතුම් නිස්සංක බැට් කරනවා. එයා බැට් කරන විදියෙනුත් මම දේවල් ඔළුවට දාගත්තා. ඒවා අනුව තමයි ප්ලෑන් එකකට ආවේ.”

TRENDING POST