ගිනිගෙන දැවෙන මීටරයක් පළලැති ග්‍රහකයක් පෘථිවියට කඩා වැටුණු බව ඇමෙරිකා නාසා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
එම ග්‍රහකය අලුයම් කාලයේ පෘථිවි වායු ගෝලයට ඇතුළු වූ බවත් එය ගිනිගෙන දැවෙමින් පහළට ඇදී ආවේ පිලිපීනය අසල ලූසොන් දූපතට ඉහළින් බවද නාසා ආයතනය සදහන් කරයි.
2024 RW1 නම් කළ මෙම ග්‍රහකය ප්‍රමාණයෙන් කුඩා ග්‍රහකයක් වූ බැවින් එය වායුගෝලයේදීම දැවී අවසන් වු බවත් පෘථිවිය ආසන්නයටම පැමිණීමෙන් පසුව විද්‍යාඥයන් එය දැක ඇති බවද සදහන් කරයි.
මෙම ග්‍රහකය ප්‍රථම වරට තාරකා විද්‍යාඥයින් විසින් නිරීක්ෂණය කරන ලද්දේ ඇරිසෝනා හි කැටලිනා ස්කයි සමීක්ෂණයේදී වන අතර එය NASA විසින් අරමුදල් සපයන ලද පෘථිවියට ආසන්න වස්තූන් සොයා ගැනීමට කැප වූ වැඩසටහනකි.