Image

පාස්කු ප්‍රහාරයේ විමර්ශන නව අදියරකට.. අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පවසයි.!

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන ලද විමර්ශනයන් අනුව සැකකරුවන් 747ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම මේ වනවිට නීතිපතිවරයා විසින් සැකකරුවන් 100කට නඩු 14ක් හරහා මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති බවත් මේ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.

චැනල් 4 නාලිකාව තුළින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු ද ඊට පරිබාහිරව විමර්ශනවලදී අනාවරණය වූ කරුණු ද පදනම් කරගනිමින් මෙම විමර්ශන නව අදියරකින් ආරම්භ වී ඇති බවත් ඒ අනුව පසුගිය නොවැම්බර් 11 වැනි දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූවේ, ඒ අනුව මේ දක්වා සිදුකරනු ලැබූ විමර්ශන අනුව සිවිල් සාක්ෂිකරුවන් 12 දෙනෙකුද, හමුදා සාමාජිකින් 7 දෙනෙකු, පොලිස් නිලධාරීන් 24ක් සහ බන්ධනාගාරගත නිලධාරීන් 3 දෙනෙකු ඇතුළුව 48 දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගන ඇති බවයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.