රාත්‍රි අහසේ නිරීක්ෂණය කළ හැකි දුර්ලභ සංසිද්ධියක් වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවක් එළඹෙන 07 වැනිදා ශ්‍රී ලංකාවාසීන්ට උදාවනවා.
එදින රාත්‍රී 08.58ට ආරම්භ වන මෙම චන්ද්‍ර‍්‍රහණය රාත්‍රි 11.41 ට එහි උපරිම පූර්ණ චන්ද්‍ර‍්‍රහණයට ලගා වීම සිදු වනවා.
පැය 5 යි මිනිත්තතු 27 ක් පමණ කාලයක් පවතින මෙම චන්ද්‍ර‍්‍රහණය පසුදින අලුයම 02.25 වන තෙක් නිරීක්ෂණය වන බවයි ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය පවසන්නේ.

