නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මැතිවරණ කොමිසමට සහයවීම පිණිස පැෆ්රල් සංවිධානය මෙවරත් ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ රටේ සිදුවන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ අපේක්ෂකයාට හෝ පාක්ෂිකයාට අගතිගාමී වන සිදුවීම්, ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ සිදුවීමක් වන්නේ නම් ඒ පිළිබඳව සක්‍රියව මැදිහත් වෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සිය සංවිධානය මැදිහත් වෙන බවයි.
ඒ අනුව යම් මැතිවරණ පැමිණිල්ලක් ඇත්නම් පහත සඳහන් WhatsApp අංක වලට, ෆැක්ස් හෝ Email ලිපිනයන්ට යොමුකරන ලෙස එම සංවිධානය ඉල්ලා සිටිනවා.
එලෙස පැමිණිලි ඉදිරිපත් කරන පැමිණිලිකරුගේ අවසරයකින් තොරව ඔහුගේ අනන්‍යතාවට හෙලි නොකිරීමට කටයුතු කරන බව ද පැෆ්රල් සංවිධානය සදහන් කරනවා.
පළාත් සහ දුරකතන අංක (Whatsapp)
බස්නාහිර පළාත 070-1084006
දකුණු පළාත 070-1083949
ඌව පළාත 070-1084034
මධ්‍යම පළාත 070-1083974
සබරගමුව පළාත 070-1083934
වයඹ පළාත 070-1084013
උතුරුමැද පළාත 070-1083998
නැගෙනහිර පළාත 070-1083911
උතුරු පළාත 070-1083929
ඔබගේ පැමිණිලි පහතින් දක්වා ඇති Whatsapp අංකයට හෝ Email ලිපිනයටද යොමුකල හැකියි.
දුරකතන අංකය 011-2558570 / 070- 1084127
Whatsapp: 070-1084127
Fax: 011-2558572
Email: paffrelcomplainunit@gmail.com