Image

ඡන්දය ප්‍රකාශ කිරීම ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් විශේෂ දැනුම්දීමක්.!

එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමට අනිවාර්යයෙන් රැගෙන ආ යුතු දේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ජනතාවට දැනුම්දීමක් කරයි.

ආබාධිත පුද්ගලයින් ඡන්දය භාවිත කිරීමේදී ඔවුන්ට නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකි බවත් හැඳුනුම්පත ඇතුළු කිසිම දෙයක් නැති අයට ග්‍රාම නිලධාරීවරයා සමග මැතිවරණ කාර්යාලයට ගොස් තාවකාලික හැඳුනුම්පතක් ලබාගැනීමට හැකි බවද සදහන් කරයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් සදහන් කළේ,

“වලංගු ජාතික හැඳුනුම්පතක්, වලංගු රියදුරු බලපත්‍රයක් හෝ වලංගු ගුවන් ගමන් බලපත්‍රයක්, සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇති වැඩිහිටි හැඳුනුම්පත, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති විශ්‍රාමික හැඳුනුම්පත.

ඒ එක්කම පූජ්‍ය පූජක උතුමන් වෙත පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ හැඳුනුම්පත, ඒ වගේම මේ කිසිම දෙයක් නැති අයට පුළුවන් තමන්ගේ ග්‍රාම නිලධාරීවරයා සමග මැතිවරණ කාර්යාලයට ගිහිල්ලා තාවකාලික හැඳුනුම්පතක් ලබාගන්න.

එත් එක්කම මෙවර විශේෂයෙන්ම සඳහන් කරලා තිබුණා ආබාධිති ප්‍රජාව සඳහා අපි නිකුත්කළා තවකාලික හැඳුනුම්පතක් ඔවුන්ට ඒ තාවකාලික හැඳුනුම්පත පාචිච්චි කිරීමේ හැකියාව තියෙනවා.”

TRENDING POST