පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී රටේ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීම කළ යුත්තේ ඉලක්කම් වලින් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.ඒ.එල්.එම්. රත්නායක සදහන් කරයි.
ජනාධිපති අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කිරීමේදී 1 ඉලක්කමෙනුත් මනාපයන් 2 හා 3 ඉලක්කමෙනුත් සටහන් කළ යුතු බවත් මේ සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදී සිදු කරන බවද සභාපතිවරයා සදහන් කරයි.
මුල් වටයේදීම අපේක්ෂකයෙකුට අංක 1 සඳහන් වන මනාපය ගණන් කරන බවත් එහිදී සමස්ත ප්‍රතිවලින් 50%ක් අපේක්ෂකයෙකු ලබාගෙන තිබුණහොත් මනාප ගණන් කිරීම අවශ්‍ය නොවන බවද සභාපතිවරයා සදහන් කරයි.