Image

පරාද වී ගෙදර ගිය අපේක්ෂකයින් යළිත් මැතිවරණ සටනට.!

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත් වූ අපේක්ෂකයන් විශාල පිරිසක් පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට තරඟ වැදීමට අදහස් කරගෙන සිටින බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සදහන් කරයි.

පළාත් පාලන මැතිවරණයට මීට ‌පෙර කැඳවූ නාමයෝජනා අහෝසි කිරීම නිසා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ට මෙම මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වීමට අවස්ථාව සැලසී ඇත.

මේ අතර පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට සමහර අපේක්ෂකයන් ඉදිරිපත් වූයේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමට ප්‍රසිද්ධියක් ලබාගැනීම සදහා බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සදහන් කරයි.

TRENDING POST