පොලීසිය පවසන්නේ ජනාධිපතිවරණ සමය තුළ අපේක්ෂකයින්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි.
මාධ්‍ය හමුවකදී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ එම කමිටුව විසින් බුද්ධි තොරතුරු මත එක් එක් අපේක්ෂකයාට ලබා දෙන ආරක්ෂාව පිළිබඳව තක්සේරු කරනා බවයි.
නියෝජ්‍ය පොලිස්පතිවරයා වාඩිදුරටත් පවසා සිටියේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත පත් කරන ලද මෙම කමිටුවේ සභාපතිධූරය දරන බවයි.
එම කමිටුව මඟින් බුද්ධි තොරතුරු මත එක් එක් අපේක්ෂකයින් සඳහා ඇති තර්ජනය තක්සේරු කිරීමෙන් අනතුරුව එම අපේක්ෂකයින් සඳහා අවශ්‍යතාවය පරිදි ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කරනා බවත්, අදාල අපේක්ෂකයින් සහභාගී වන රැස්වීම සහ වෙනත් වැඩසටහන් සම්බන්ධයෙන් කල් වේලා ඇතිව දැනුවත් කිරීමෙන් අවශ්‍ය ආරක්ෂාව සැපයෙනා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

