Image

ඡන්ද පත්‍රිකාව නිකුත්වෙයි.. රනිල්ගේ නම යටටම, අනුර සජිත් මැද, නාමල්ලා දෙන්නෙක් එක ලඟ.!

එළඹෙන ජනාධිපති මැතිවරණය සඳහා වන ඡන්ද බැලට් පත්‍රිකාවේ ආකෘතියක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත.

එම ආකෘතියේ එක් එක් අපේක්‍ෂකයන්ගේ නම සදහන් වන ආකාරය සහ ස්ථාන අනුපිළිවෙල දැක්වෙන අතර මුල් ස්ථානය හිමිව ඇත්තේ අක්මීමට දයාරතන හිමියන්ටයි.

අපේක්ෂකයින් 39 දෙනෙකුගේ නම් සඳහන් ලැයිස්තුවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිව ඇත්තේ තිස් හයවන ස්ථානයයි.

එමෙන්ම මෙවර නාමල් රාජපක්ෂ නමින් අපේක්ෂකයන් දෙදෙනෙකුට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අතර එම අපේක්ෂකයින් දෙදෙනාගේම නම් එකම ස්ථානයක සඳහන් වේ.

එමෙන්ම ජාතික ජන බලවේගයේ මාලිමාව ලකුණින් තරඟ වදින අනුර කුමාර දිසානායක මහතාගේ නම ලැයිස්තුවේ 16 වැනි ස්ථානයට සටහන්ව ඇත.

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා ලැයිස්තුවේ 21 වන ස්ථානයෙන් පසුවේ.

එම ලැයිස්තුව පහතින්,

TRENDING POST