Image

රටේ ජනතාවගේ මුදල් නිකරුණේ නාස්ති කරන ජනාධිපති අපේක්ෂකයින්.!

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයන්ගෙන් 90%ක්ම ඉදිරිපත්ව සිටින්නේ වෙනත් පෞද්ගලික අරමුණු සහ බලාපොරොත්තු ඉටුකර ගැනීමට බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සදහන් කරයි.

එම අපේක්ෂකයින් තානාපති තනතුරු ඇතුළු රාජ්‍යතාන්ත්‍රික තනතුරු ලබාගැනීමට, විදේශ සංචාරවලදී ඉහළ පිළිගැනීමක් ලබාගැනීමට, ආණ්ඩුකාර ධූර, සංස්ථා සභාපතිකම් ඇතුළු තනතුරු ලබාගැනීමට ඔවුන්ගේ අරමුණ වේ.

තවද එළඹෙන මහ මැතිවරණයේදී තරග වැදීමට ජන පදනම සකස් කර ගැනීම, රටේ පිළිගත් දේශපාලන පක්ෂවලට සූක්ෂම ලෙස ඇතුළුවීම සහ ඒවායේ නිලතල ලබාගැනීම, ප්‍රසිද්ධියක් ලබාගැනීම ද එම අපේක්ෂකයින්ගේ අරමුණ වේ.

ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයින් ඉදිරිපත් වීම වැඩිවීම හේතුවෙන් එම වැඩිවන සෑම අපේක්ෂකයෙක් වෙනුවෙන් කෝටි දෙකකට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

TRENDING POST