Image

ඡන්දය කෙරෙනා හැටි මැ.කෝ කියයි.. මධ්‍යස්ථාන 13,000 කට රාජ්‍ය සේවකයින් 200,000 ක්.!

මෙවර ජනපතිවරණය දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,000කදී පැවැත්වෙන අතර එහි රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයත්, දෙලක්ෂ විසි පන් දහසත් අතර සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙවර මැතිවරණය කාර්‍යක්ෂමව සිදුකර කඩිනමින් ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මැතිවරණ කොමිසම විසින් මේ දිනවල ඒ සඳහා අවශ්‍ය ලැයිස්තු සකසමින් සිටිනා බව පැවසූ කොමසාරිස්වරයා එම කටයුතු අගෝස්තු මාසය තුළ අවසන් කරනා බවද පැවසීය.

එමෙන්ම මහජනතාවගේ සහ මැතිවරණ රාජකාරි සිදු කරනා රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සඳහාද අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

TRENDING POST